0

මේ වනවිට අන්තර්ජාලය තුල ජනප්‍රියම මාතෘකාවක් තමයි සමාජ ජාල වෙබ් අඩවි. සමාජ ජාල වෙබ් අඩවි කිව්වම ඉතින් මතක් වෙන්නේ බුකියනේ. ලංකාවේ ගොඩක් දෙනෙක් තාම පාවිච්චි කරන්නේ Facebook. ඒත් ලංකාවේ  ගොඩක් දෙනෙක් පාවිච්චි නොකරන, සමහරවිට දන්නෙත් නැති සමාජ ජාල වෙබ් අඩවි ගොඩක් තියෙනවා. අද මම මේ පෝස්ට් එකෙන් කියන්නේ ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවි 10 ගැන.

1) Facebook 

ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් වැඩි හරියක්ම වැඩිපුරම යන වෙබ් අඩවිය තමයි Facebook.
මේ වනවිට Facebook  භාවිතා කරන පිරිස ලෝක ජනගහනයෙන් හතෙන් එකකටත් වඩා වැඩියි. චැට් සිස්ටම්, Facebook groups, pages, වගේ ගොඩක් වැඩ තියෙන නිසා ගොඩක් අය Facebook පාවිච්චි කරන්න කැමතියි.
ඔයත් තාම Facebook එකට සම්බන්ද වුනේ නැත්නම් දැන්ම සම්බන්ද වෙන්න.


2) Twitter

Twitter කියන්නේ Facebook වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වෙබ් අඩවියක්. ගොඩක් අය මේක තේරුම් නොගෙන ටික දවසකින් අතැරලා දානවා. මේ වෙනවිට Twitter එක මිලියන 200කට වැඩි පිරිසක් මාසිකව භාවිතා කරනවා. ඒ වගේම දවසකට මිලියන 500කට වැඩි ට්වීට්ස් (Tweets) ප්‍රමාණයක් සංසරණය වෙනවා. Tweets කියන්නේ Twitter එකේ status වලට කියන නම. ඉතින් Facebook වලට විතරක් සිමා නොවී Twitter වලටත්  අදම සම්බන්ද වෙන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා.

(මුලාශ්‍රය: https://about.twitter.com/company)



3) Pinterest

Pinterest කියන්නෙත් ලංකාවේ ගොඩක් අය යන්නෙත් නැති දන්නෙත් නැති සමාජ ජාල වෙබ් අඩවියක්. ඒ වුනාට Pinterest කියන්නේ ලෝකයේ තියෙන විශාලතම් සහ ජනප්‍රියම ෆොටෝ ෂෙයාරින් වෙබ් අඩවියක්. මිලියන 70 වැඩි ප්‍රමාණයක් භාවිතා කරන මේ සමාජ ජාල වෙබ් අඩවිය වෙළඳ උපක්‍රමයක් (Business Promoting) විදියටත් පාවිච්චි කරනවා. මේ වෙබ් අඩවියේ මම දකින හොඳම දේ තමයි හොර/බොරු ප්‍රොෆයිල් (fake profiles) ප්‍රමාණය සැහෙන්න අඩුවීම. Pinterest පාවිච්චි කරන අයගෙන් 80% විතර කාන්තාවන්. ඒ වගේම මේකේ පෝස්ට් කරන්න තියෙන විදියත් ගොඩක් අකර්ශනියයි (මට විතරද දන්නේ නෑ). Pinterest තමයි මම කැමතිම සමාජ ජාල වෙබ් අඩවිය. ඉතින් ඔයාලත් කැමතිනම් අදම Pinterest සමග සම්බන්ධ වෙන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා.

(මුලාශ්‍රය: http://expandedramblings.com/index.php/pinterest-stats/)

Shehara Dinuwan

4) Google+

Google+ කියන්නේ Google ලොක්කගේ සමාජ වෙබ් අඩවිය. මේක ගැනනම් ගොඩක් අයට එච්චර ප්‍රසාදයක් නෑ. මටත් එහෙමයි. 2015 තුළදී Google+ බාවිතා කරන අයගෙන් 0.2-0.3% ප්‍රමාණයක් විතරයි පෝස්ට් එකක් දාලා තියෙන්නේ (මුලාශ්‍රය: http://www.businessinsider.com/google-active-users-2015-1). ඔයාත් Gmail පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම Google+ එකෙත් ඉන්නවා. Google+ එක ගොඩක් වැදගත් වෙන්නේ වෙබ් සයිට් නැත්නම් බ්ලොග් සයිට් කරන අයටයි. ඒ මොකද කියනවනම් Google+ එකේ අපි පෝස්ට් කරන දේවල් Google එකේ සර්ච් රිසල්ට් වලට කෙලින්ම බලපාන නිසා.



5) Instagram 

Instagram කියන්නෙත් Pinterest වගේම ෆොටෝ සහ වීඩියෝ ෂෙයාරින් වෙබ් අඩවියක්. ලංකාවෙත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Instagram වෙබ් අඩවියේ මිලියන 300 වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අන්තර්ජාලය භාවිත කරන අයගෙන් 13% විතර Instagram වල ඉන්නවා. Instagram වල තියෙන ලොකුම ගැටලුව තමයි, ස්මාර්ට් ෆෝන්ස් හා ටැබ් වලින් හැරෙන්න පරිගණක වලින් වැඩ කිරීමට නොහැකි වීම. ඒ කියන්නේ අපිට  ස්මාර්ට් ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි නැත්නම් Instagram පාවිච්චි කරන්න අමාරුයි කියන එක. කොහොම උනත් ෆොටෝග්‍රැෆි  වලට ගොඩක් කැමති කෙනෙක් ඉන්නවනම් Instagram වලට ඉක්මනට සම්බන්ධ වෙන්න.

(මුලාශ්‍රය: http://expandedramblings.com/index.php/important-instagram-stats/)

6) YouTube 

YouTube කියන්නේ Google සමාගමෙන් පවත්වාගෙන වන ලොව විශාලතම වීඩියෝ එකතුව. ඕනම කෙනෙක් වීඩියෝ එකක් හොයා ගන්න ඕන වුනාම යන්නේ මේකටනේ. YouTube හරහා ඕනෑම කෙනෙකුට තමන්ගේ වීඩියෝ ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම YouTube එක වෙළඳ උපක්‍රමයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන YouTube වල දිනකට බිලියන 4කට වඩා වැඩි වීඩියෝ ප්‍රමාණයක් නරඹනවා.

(මුලාශ්‍රය: http://expandedramblings.com/index.php/youtube-statistics/)

මීට අමතරව තවත් සමාජ වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුල තියෙනවා.

7) LinkedIn

8) Flickr 

9) VK

10) Tumblr

11) Vine

Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top