කවුරුත් බලාගෙන හිටියනේ මේ පිටසක්වල ජීවියෙකුගේ බලෙන් මානසික මට්ටම අඩු කොල්ලෙක්ට ලැබුන බලය ඒ කොල්ලගෙ දරුවට ලැබිලා කරපු විස්කමේ තුන්වෙනි කොටස වෙනුවෙන්. ඔන්න මේ අරගෙන එන්නේ විස්කම තමයි. මේ වෙනවිට IMDb දර්ශකයේනම් 7.8ක ඉහළ අගයක් මේ ක්‍රිෂ් බයිස්කෝප් එකට ලැබිලා තියෙනවා. ඉතින් නිෂ්පාදනය සහ අධෂයක්ෂණයනම් රිතික් රෝෂන්ගේ දයාබර පියාණන් වන රාකේෂ් රෝහන්. 2003 වසරේදී තිරගත වූ Koi… Mil gaya චිත්‍රපටියේ සාර්ථකත්වය මත 2006 වසරේදී Krrish දෙවන කොටස නිපදවූවා. මෙම තුන්වන කොටසේ රධාන භූමිකාවලට වලට පණපෙව්වේ රිතික් රෝෂන්, විවේක් ඔබ්රෝයි, ප්‍රියන්කා චොප්රා සහ කන්ග්නා රානත් විසින්. ක්‍රිෂ් 3 චිත්‍රපටියේ නිශ්පාදන පිරිවැය විදිහට සටහන් කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 15වත් 23ත් අතරයි. ඒ වගේම මෙම චිත්‍රපටිය 3D තාක්ෂණයෙන්ද යුක්ත වන බව කියලා තිබ්බත්, අවසානයේදී අධ්‍යක්ෂක රාකේෂ් රොෂාන් පවසා සිටියේ 2D ආකාරයෙන් පමණක් මෙම චිත්‍රපටිය ඉදිරිපත් වන බවයි. ලොව පුරාම මෙම චිත්‍රපටිය නොවැම්බර් මස 4 වෙනිදා තිරගත කරන්න හිතාගෙන හිටියත් නොවැම්බර් 1 වෙනිදා තිරගත වීමට ආරම්භ විය. සිනමාශාලා 4000ක මෙම චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ විය. 3600ක් හින්දි භාෂාවෙනුත් අනිකුත් 600 අනිත් භාෂාවලිනුත් වශයෙන්. දකුණු ඉන්දියාවේ පමණක් සිනමාශාලා 750ක ප්‍රදර්ශණය කරනු ලැබුවා.
කතාව ගෙතෙන්නේ රෝහිත් මෙහෙරා කියන විද්‍යාඥයා වටේට. ඒ කියන්නේ ක්රිෂ්ණන්ගේ (ක්‍රිෂ්) තාත්තා.
වෛද්‍ය සිද්ධාන්ත් ආර්යාගෙන් බේරගෙන ක්‍රිෂ්ණාගේ තාත්තා රෝහිත්ව ආපහු එක්කරගෙන එනවා. ක්‍රිෂ්ණා හිතාගන්නවා සතුරන්ට සහ අහිංසකයන්ට උදව්වක් වශයෙන් සටන් වදින්න. දැන් ක්‍රිෂ්ණා ප්‍රියාව විවාහ කරගෙන සතුටින් කාලය ගත කරනවා. යම් කිසි දෙයක් නිසා රෝහිත්ගේ බුද්ධිය පාවිච්චි කරලා යම් කිසි අපූර්ව විද්‍යාත්මක සංඝටකයක් නිර්මාණය කරනවා මුළු ඉන්දියාවම බේරගන්න යම් සිදුවීමකින්. ඒ දේ නිසා ක්‍රිෂ් හැමෝගේම ආරක්ෂකයා, ගැලවුම් කාරයා බවට පත්වෙනවා.නමුත් ඔවුන් නොදන්න යම් කණ්ඩායමක් යම් කිසි ආකාරයක නපුරු ක්‍රියාවක නිතර වෙනවා. එම කණ්ඩායමේ ප්රධානියාත් රෝහිත් වගේම බුද්ධිමතෙක්. ඔහු නොයෙක් ආකාරයේ නිර්මාණයන් කරනවා. ඔහුගේ හමුදාව තමයි සත්තවයන්ට මිනිසු DNA කලවම් කරලා නිපදවාගත්ත අය. ඉතින් මොහුගේ එකම බලාපොරොත්තුව තමයි මුදල් උඵයන එක. ඒ නිසා යම් වෛරසයක් නිර්මාණය කරනවා. නමුත් මේ වෛරසය සුවකරන්න අවශ්‍ය ප්‍රතිවෛරසය තියෙන්නෙත් ඔහු ලඟම විතරයි. ඒ ඔහුගේ රුධිරය තමයි ඒකට අවහ්‍ය කරන පිළියම. මොහු යම් රටකට වයිරසයෙන් පහර දීමෙන් අනතුරුව ඉන්දියාවටදස පහර දෙන්න ගන්නවා මේ වෛරසය මගින්. නමුත් ඔහු නොසිත විදිහට මේ රෝහිත් ඒ වෛරසය විනාශ කරලා දානව. ඉතිං මේ දේට හේතුව මොකක්ද කියලා දැනගන්න මේ විරුද්ධ කණ්ඩායමේ නාක කාල්ට උවමනා වෙනවා. ඔහු ක්‍රිෂ්ගේ ගෙදරට ඔහුගේ හමුදාව යවනවා. එහිදී ප්‍රියාව අල්ලාගනු ලබන අතර ප්‍රියා විදිහට කාල්ගේ කණ්ඩායමේ කෙනෙක් වෙස් මාරු කරගන්නවා. ඉතින් මේ වෙස් මාරුව නිසා කාටවත් ඒ ප්‍රියා නෙමේ කියලා අඳුරගන්න බැරිවෙනවා. ඉතින් මේ සිඳුවීම කොහොම වේවිද?! රෝහිත් කොහොමද මේ ප්‍රතිවෛරසය නිර්මහාණය කරේ?! කවුද මේ කාල් කියන්නේ?! ඇයි ප්‍රියාව අරගෙන යන්නේ?! මොකක්ද ඒකට හේතුව?! ක්‍රිෂ් ප්‍රියාව ගලවාගන්නේ කොහොමද?! ක්‍රිෂ්ට මොනවා වෙයිද?! රෝහිත්ට මොනවා වෙයිද?! වෛරසයට මොනවා වෙයිද?!
DVD Screen Copy එක මෙතනින් Download කරගන්න. 700mb (DVD Scr)
Post a Comment