0

මම හිතන විදියට නම් bollywood වල හැදුණ ලස්සනම love story එකක් තමයි මේක.
වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අධ්‍යක්ෂනය Mithoon සමගින් Jeet ganguly..
(තවත් විස්තර මෙතනින් බලාගන්න)
ආදරය, සෙනෙහස, උමතු බව.. ඒවා වචන මිසක් වෙන කිසිම දෙයක් නෙමේ.. ඒත්, මට ඇයව මුණගැහුනට පස්සෙ.. ඒ වචන වලට වටිනාකමක් එකතුවුනා. ආදර කියන්නෙ මගේ ජීවිතයෙදි විහිළුවක් වෙලා තිබුනෙ, ඒත් දැන් ආදරය විහිළුවක් නෙවි. මගේ මේ උමතුව දැන් ඔයා වෙනුවෙන්මයි අරෝහි. මම මේ වෙලාව වෙනකම් කොයිතරම් නම් බලන් හිටියද, මම ඔයාට ආදරෙයි අරෝහි! මට පුළුවන් ඔයාව වසරේ හොදම ගායිකාව කරවන්න, ඔයාට තියෙන්නෙ පුදුමාකාර කටහඩක් අරෝහි…… පුදුමාකාර කටහඩක්.. ඔයාව මුනගැහෙන්න කලින් මගේ ජීවිතේ විනාශකාර හතුර වෙලා තිබුනෙ මමමයි, ඒත් දැන් ඔයා මගේ ලග ඉන්නව, මට ඔයාගෙ ජීවිතේ විනාශකාරය වෙන්න ඕන නෑ අරෝහි, මම යනව ඔයාගෙ ජීවිතෙන්, තමන්ම සමගද නැතිනම් දෙවියන් සමගද මේ මොහොතේ මා සටන් කරනුයේ…. කිනම් කඩයිමකටද මාව රැගෙන ආවේ මේ උමතු ආදරය. මමයි රාහුල් ෂෙකර්.., මම තමයි සුපිරි තරුව.. හැමදේම ඉවරයි අරෝහී හැමදේම ඉවරයි….!!!!


පුරා හෝරාදෙකක් පුරා දිවයන හදපාරනා ගී සංකල්පනා, සංවේදනාත්මක හැගීම් සමුදායක් සමගින් ඔබ නොසිතූ අවසානයක් වෙතට ‍රැගෙන යන අරෝහීගේත් රාහුල්ගේත් උමතු පෙම්-වතයි මෙලෙසින් ඔබහට තිළින කරනුයේ… සදා ජය!

ඔබත් උමතු ආදරයක හිමිකරුවෙක් නම් මෙය නරඹා ඔබේ අදහස් comment කරන්න.........
( උපුටා ගැනීම් baiscope.lk )

Post a Comment

 
Top