අළුත් අවුරුද්දට තව දවස් දෙකයි. ඒ නිසා මුලින්ම සුභ පතලා පෝස්ට් එකක් දාන්න හිතුවා.
සුභ අළුත් අවුරුද්දක් වේවා....!
කට හඬින් දෙන විධාන පිළිපදින විශේෂ සහයක වැඩසටහනක් Microsoft සමාගමේ windows phone අළුත්ම සංස්කරණය සමග එන බවට දැන් ආරංචි පැතිර යමින් තිබේ. මෙම විශේෂ වැඩසටහන නම් කර තිබෙන්නේ Windows Cortana කියාය. Halo පරිගණක ක්‍රීඩා මාලාවේදි ආ ගැහැණු චිරිතයක නම මෙයට යොදාගෙන තිබුණත්, App එක ක්‍රියාත්මක වන විට එවැනි රූපයක් පෙන්වන්නේ නැත. ඒ වෙනුවට තිබෙන්නේ Animated වන කවාකාර Icon එකකි.
Cortana App එක (voice activated personal digital assistant) ක්‍රියාත්මක කර වචනයෙන් විධාන දෙන්නට පුළුවන. එවිට ඒවා Windows Phone OS සමග ගැළපී ක්‍රියාත්මක වෙයි. ප්‍රශ්න අසන්නට පුළුවන. එවිට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නට ඕනෑ තැන තොරතුරු Bing search engine හරහා සොයාගෙන ගළපා දෙයි. දැනටමත් ජංගම දුරකථනයේ තිබෙන contacts වලින් පෙන්වන අයට Msg යවන්නට ඕනෑ නම් ඒ තැන් Touch Screen තෝරා ගන්නට ඕනේ නැත. කළ යුත්තේ Cortana ට ඒ දේ කීම පමණි. හඬ නගා කියන විධානයට අනුව Email ලියන්නට, යවන්නට, පණිවුඩ තබන්නට, වැඩ මතක් කර දෙන සේ කියන්නට පුළුවන.
Apple OS එක සමග තිබෙන Apple Siri App එක හා Google Now සේවයට සමගාමී Micorsoft වැඩසටහන මෙම Cortana. එහෙත් Cortana සතුව ඊටම ආවේණික විශේෂාංගද තිබේ. යම් කෙනෙකුගේ සැබෑ නමක් මෙන්ම අන්වර්ථ නාමයක් වුවත් හඳුනාගන්නට Cortana ට පුළුවන. Cortana හී භාවිතා කරන තොරතුරු එනම් හඬ, Notebook Format එකෙන් Save කරගන්නත් පුළුවන්. කවදාවත් Cortana හිදී භාවිතා නොකළ නමුත් කලින් Notebook වලදී භාවිතා කළ තොරතුරු වුවත් හඬ වශයෙන් ලබා ගන්නට පුළුවන් වීම, මෙහි තිබෙන වාසියයි.
කටහඬින් විධාන දුන් විට යම් කෙනෙක් සිටින තැන මෙන්ම තමන් දැනට සිටින තැන වුවත් Cortana විසින් සොයාදෙනු ලබයි. ඒ Bing Maps සේවයේ ඇති සිතියම් පාදක ක ගනිමිනි. එහි Text Format එකෙන් ඇති තොරතුරු Cortana විසින් ශබ්දය බවට හරවාගනු ලබයි.
Windows Cortana App එක හුදෙක් windows phone සඳහා පමණක් යොදන්නට සැකසූවක් නොවේ. එය notebook සඳහාද යෙදවිය හැකි සේ දියුණු කරනු ඇතැයි අපේක්ෂිතය. අවසන් වශයෙන් එය windows OS සමගද සම්බන්ධ කරනු ඇත. එවිට බිහිවන්නේ කටහඬින් ක්‍රියාත්මක වන පෞද්ගලික පරිගණකයයි.
කටහඬ හඳුනාගෙන ඊට අනුව වැඩ කරදෙන අලුත් windows app එකෙහි දැනට ප්‍රසිද්ධ ගති ලක්ෂණ ටිකය. මේ කීවේ එහෙත් දැනට ප්‍රසිද්ධ නැති අළුත් ගුණාංග ගණනාවක් එහි තිබෙන බව නව තාක්ෂණය ගැන ඇස ගසාගෙන සිට එහි විස්තර කලින් ප්‍රසිද්ධ කරන විවිධ web sites වල සඳහන් වී තිබුණු තොරතුරුය. ඒ කෙසේ පසුගිය අප්‍රේල් 02 දින ඇමරිකාවේ san fransisco නුවරදී පැවැත්වුණු Microsoft Build සමුළුවේදී එහි වැඩිමනත් විස්තර එළි දැක්වී ඇත.
uba adada ban oka danne , gon part danne nathuwa idapan
ReplyDeleteඅද නෙමෙයි බන් දැනගත්තේ. පෝස්ට් එක දාන්න වෙලාවක් හම්බ උණේ නෑ. ඒකයි පහුවෙලා පෝස්ට් එක දැම්මේ. :-?
Delete