1


හායි කොහොමද ඉතින් කට්ටියට. ගොඩාක් කාලෙකින් පොස්ට් එකක් අර‍ගෙන එන්න බැරි වූණා. ඒ නිසා අද තව ඔයාලට වැදගත් වෙන හොඳ පෝස්ට් එකක් අරගෙන ආවා. කතාව ඇති දැන් බලමුකෝ මොකක්ද ගෙනාවේ කියල.
දැනට තිබෙන වැඩියෙන්ම ජනප්‍රිය තොරතුරු හුවමාරු ක්‍රමය වනුයේ Bluetooth ය. ජංගම දුරකථන පරිගණක යනාදී ඕනෑම Device අතර Audio , Video පමණක් නොව ලියකියවිලි ද හුවමාරු කිරීමට පුළුවන් වීම මේ ජනප්‍රියත්වයට හේතුවයි. ඒ තොරතුරු අන් කාටවත් දැන ගත  නොහැකි සේ හුවමාරු කරන්නට Bluetooth වල තිබෙන හැකියාව විසින් මේ ජනප්‍රියකම තව තවත් වැඩි කළේය.

එහෙත් දැන් මේ පරිසරය වෙනස් වෙමින් පවතී. Bluetooth තාක්ෂණයෙන් හුවමාරු වන තොරතුරු හොරෙන් ගැනීමට පුළුවන් ක්‍රම දැන් බෝ වෙමින් තිබීම ඊට හේතුවයි. එයට හේතුව කලින් මෙන් නොව දැන් Bluetooth තාක්ෂණය ඔස්සේ වේගයෙන් තොරතුරු වැඩි ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බැවිනි.
Bluetooth ජාලයකදී Data Transfer කෙරෙන්නේ අඩු බල Radio තරංග වශයෙනි. එනම් පොදු වශයෙන් ගත් විට 2.4GHz සංඛ්‍යාතයක් ඇති Radio තරංග වශයෙනි. මෙම සංඛ්‍යාතය සහිත සන්නිවේදන කලාපය 1m - 100m දක්වා වටපිටාවක පැතිර තිබෙන්නකි. 2010 ජුනි 30 දා ලෝකයට හඳුන්වා දුන්, දැනට වැඩිපුරම භාවිතා වෙන Bluetooth Smart ( Bluetooth 4.0 ) තාක්ෂණයේදී තොරතුරු හුවමාරු වීමේ 24Mbps කි. 


විවිධ ක්‍රමයට ලබා ගත හැකි අමතර Software මගින් Bluetooth Device වල උපයෝගීතාව වැඩි කළ හැක. Pairing වර්ගයේ Software එවැනි එක් වර්ගයකි. දෙපාර්ශවයම කැමති වී Bluetooth උපාංග සමග සම්බන්ධ වෙන්නට මේ software වලින් පුළුවන. එවිට එක් device ඇති තොරතුරු අනෙක් device ඒකට පිටපත් කර ගත හැක. 




මෙසේ දෙදෙනෙකු අතර pairing සම්බන්ධකම් ඇති කරගෙන සිටින විට හුවමාරු වෙන තොරතුරු, 3 වෙනි පාර්ශවයේ කෙනෙකුට ලබා ගැනීමට පුළුවන. මෙය අවසර නොලත් ( unauthorized) තොරතුරු ඩැහැ ගැනීමකි. එය කරන්නා හැකර් කරුවෙකි. ඔහු ඒ සඳහා විශේෂ පරිගණක වැඩසටහන් යොදා ගනී. BlueSnarfing කියා හඳුන්වන්නේ මෙසේ තොරතුරු සොරා ගැනීමයි.

Bluetooth තාක්ෂණය භාවිතා වන device වල රහසිගත කොරතුරු තබාගෙන සිටින්නන්ට BlueSnarfing බිය ගෙන දේ. මන්ද, තමන්ට නොදැනීම මේ තොරතුරු පිටස්තරයින් වෙත යන්නට පුළුවන් නිසාය. එහෙත් එදිනෙදා කටයුතු වලට Bluetooth device පාවිච්චි කරන සාමාන්‍ය අයට තවමත් බිය වීමට කාරණයක් නැත. මන්ද, software තිබුණාට මෙසේ තොරතුරු සොරා ගැනීම පහසු වැඩක් නොවන බැවිනි. ඒ අපහසුව විඳගෙන තොරතුරු සොරාගන්නේ අති විශේෂ පුද්ගලයෙකුගෙන් පමණක් බව පැහැදිලිය.
කෙසේ වෙතත් bluesnarfing වලින් බේරෙන්නට අනුගමනය කළ හැකි පොදු පිළිවෙත් කීපයක්ම තිබේ. එක් ආරක්ෂක පිළිවෙතක් වන්නේ, Bluetooth device ඒක අන් උපාංග වලට සොයාගත නොහැකි මාදිලියෙන් non discoverable නිතරම තබා ගැනීමය.


එසේම තමන් හරිහැටි නොදන්නා කෙනෙකු pairing කිරීමට ඉල්ලන්නේ නම් කිසිසේත්ම ඊට ඉඩ නොදිය යුතුය. 




Bluesnarfing වලින් බේරී සිටින්නන්ට කළ හැකි තවත් දෙයක් වන්නේ password වෙනස් කිරීමය.  නිතර නිතර Bluetooth උපාංග වල password වෙනස් කිරීමට පුරුදු වුණොත් එය හැකර් කරුවන්ට තමන් වෙතට ඒම වළක්වා ගත හැකි හොඳම උපක්‍රමයකි.


ඔන්න එහෙනම් ඔයාලත් ගොඩාක් වැදගත් files bluetooth වලින් transfer කරනවනම් ටිකක් පරිස්සමෙන්.
අද පෝස්ට් එක ඔයාලට ‍ගොඩාක් වැදගත් වෙන්න ඇති කියල හිතනවා. ඔයාලගේ අදහස් අපිට ගොඩාක් වටිනවා ඒ නිසා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

෴ ජයවේවා ෴

Post a Comment

 
Top