කට්ටියටම සුභ දවසක් වේවා....!!
ඔන්න ඉතින් අදත් අළුත් පෝස්ට් එකක් අරගෙන ආවා. වැඩි කතා නැතිව පෝස්ට් එකට බහිමු.
දැන් තිබෙන USB Cable නිදහසේ භාවිතා කළ හැකි එකක් නොවේ. USB Connector එක නියමිත පැත්ත හරවා මිස USB port එකට සම්බන්ධ කළ නොහැකි බැවිනි. මේ අපහසුව නැති එනම් හැරුණු හැරුණු ඕනෑ අතකට සවි කළ හැකි USB Connector එකක් හා port එකක් දැන් සකසා තිබේ. එය හඳුන්වන්නේ ටයිප් සී රිවර්සිබල් USB ( Type - C Reversible USB ) කියාය. USB port වලට ලෝක සම්මත ප්‍රමිති සාදන ආයතනය වෙන USB ප්රොමෝටර් ගෲප් ( USB Promoter Group ) ආයතනයේ අනුමැතිය මේ port එකට ලැබී තිබේ. එම port එක මුලින්ම නිපදවනු ලබන්නේ තායිවානයේ Foxconn සමාගම විසිනි.
USB Type - C Connecter එක නිපදවා ඇත්තේ Tablet හා Ultrabook Computer වලට හා Smartphone වලට ගැලපෙන සේ සියුම්ව හා කුඩාවටය. මෙය බොහෝදුරට Micro USB Plug එකක් තරම්ය. දැනට තිබෙන අළුත්ම USB 3.1 ප්‍රමිතියට මෙන්ම පැරණි USB 2.0 ප්‍රමිතියට අනුව Type - C Connecter එක නිපදවයි. මෙම අලුත් USB ype - C Connecter එක සාමාන්‍ය USB 3.0 connector එකෙහි තිබෙනවාට වඩා වෙනස් විශේෂතා ගණනාවක් තිබේ.
මෙම Connecter එක USB 2.0 මයික්‍රො - බී ( USB 2.0 Micro - B ) එකක් තරම්ය.
Connecter එක හරහා Camera, Smartphone වැනි උපාංග ඉක්මණින් Charge කළ හැක. මෙය 100w ක ක්ෂමතාවයට වුවත් ඔරොත්තු දෙන බැවිනි.
Connecter එක හරහා දත්ත හුවමාරු වන වේගය 10Gbps කි. එනම් දැන් තිබෙනවාට වඩා දෙගුණයකින් වැඩි වේගයකි. USB 3.0 socket එකක දත්ත හුවමාරු වේගය 4.8Gbpsවෙන බැවිනි.
අද පරිගණක උපාංග එකිනෙකට සම්බන්ධ කිරීමට නැතිවම බැරි Connecter එක වෙන USB Connecter නිර්මාණය කළේ Intel සමාගමේ සේවය කරන ඉන්දියානු පරිගණක විද්‍යාඥ අජේ භාත් විසිනි. ඉන් මුලින්ම ආවේ USB 1.0 ය. ඒ 1996 ජනවාරියේදීය. 2000 අප්‍රේල් මාසයේදී USB 2.0 මාදිලියේ Connecter ආවේය. දැන් තිබෙන අළුත්ම USB 3.1 Connecter 2013 ජුලි මාසයේ පටන් වෙළඳපොළට ආවේය. 1996 USB 1.0 Socket හඳුන්වා දුන් දා පටන් අද වෙන තෙක්ම USB Connecter එක එක් අතකට පමණත් සවි කළ හැකි එකකි. මේ පීඩාව සමනය කළ හැකි ගති ඇති USB Type - C Connecter එක සවි කළ හැකි උපාංග වෙළඳපොළට එන්නේ 2016 සිටය. එනම් USB port එක හඳුන්වා දී හරියටම විසි වසරක් ගෙවෙද්දීය.
අද පොස්ට් එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති නේද...?
ඔයාලගේ අදහස් ඉතින් අපිත් එක්ක බෙදාගන්න අපේ Facebook Fan page එකට Like කරල කමෙන්ට් එකකුත් දාලාම යන්නකෝ....
───────────────────────────────
╔╗──╔══╦╗╔═╦═══╗──╔╗─╔╦═══╗──╔╗
║║──╚╣╠╣║║╔╣╔══╝──║║─║║╔═╗║──║║
║║───║║║╚╝╝║╚══╗──║║─║║╚══╗──║║
║║─╔╗║║║╔╗║║╔══╝──║║─║╠══╗║──╚╝
║╚═╝╠╣╠╣║║╚╣╚══╗╔╗║╚═╝║╚═╝║╔╗╔╗
╚═══╩══╩╝╚═╩═══╝╚╝╚═══╩═══╝╚╝╚╝
───────────────────────────────
෴ ජයවේවා..෴
Post a Comment