Pinterest කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. Pinterest කියන්නේ මේ වෙන විට අන්තර්ජාලයේ තියෙන ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියක්. සමාජ ජාල වෙබ් අඩවියක් කිව්වට මේකේ තනිකරම තියෙන්නේ ෆොටෝස් විතරයි. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නොවුනට ඇමෙරිකාවේ එහෙම ගොඩක් ප්‍රසිද්දයි, Alexa රෑන්ක් එක 29. Pinterest එක ගැන නොදන්න කෙනෙකුට මේ විස්තර ටික හොඳටම ඇති ඒ ගැන දැන ගන්න. තවත් විස්තර ඕනනම් මෙතන ඔබන්න. හරි දැන් වටපිටාව කිව්වා ඇතිනේ! කෙලින්ම වැඩේට බහිමු.
අද මම කියන්න යන්නේ Pinterest එකේ තියෙන Pin it බටන් එක බ්ලොගයට (Blogger) දාගන්නේ කොහොමද කියල. මේ Pin it බටන් එකෙන් කෙරෙන්නේ අපේ සයිට් එකේ තියෙන ෆොටෝස් කෙලින්ම Pinterest එකට ඇතුලත් කරන්න පුළුවන් වීම. ඉංග්‍රීසි බ්ලොග් කරන අයට මේක ගොඩක් වැදගත්. මේක වැඩ කරන්නේ කොහොමද කියල බලන්නත් එක්ක පල්ලෙහා තියෙන DEMO ලින්ක් එකට ගිහිල්ල බලන්න.
DEMO
මේක බ්ලොගයට දාගන්න බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක පොඩ්ඩක් එඩිට් කරන්න වෙනවා.
බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකට ගිහිල්ල Edit HTML වලට යන්න.
Blogger > Dashboard > Template > Edit HTML
අපි මේ කෝඩ්ස් ටික ඇතුලත් කරන්න ඕන <body> ටැග් එක ඇතුලට.
එක නිසා ටෙම්ප්ලේට් එක ඇතුලේ තැනක ක්ලික් කරලා Ctrl + F ඔබන්න.
ඊළඟට </body> කියල ටයිප් කරලා එන්ටර් කරන්න. එතකොට ඔයාගේ ටෙම්ප්ලේට් එකේ </body> ටැග් එක හයිලයිට් වෙලා පෙන්නාවි. ඊට පස්සේ පහල දීල තියෙන කෝඩ්ස් ටික </body> ටැග් එකට කලින් ඇතුලත් කරන්න. ටෙම්ප්ලේට් එක සේව් කරන්න.
වැදගත්!
1) Pin it බටන් එක තියෙන ස්ථානය වෙනස් කිරීමට පහල තියෙන විදියට කෝඩ්ස් වෙනස් කරන්න.
var pinit_button_position = "center";
මේ කෝඩ් එකේ center කියන එක වෙනුවට පහල තියෙන කෝඩ් වලින් එකක් යොදන්න.
topleft - වම් පැත්තේ උඩ
topright - දකුණු පැත්තේ උඩ
bottomleft - වම් පැත්තේ පහල
bottomright - දකුණු පැත්තේ පහල
2) බටන් එක වෙනස් කිරීමට පහල කෝඩ් එක වෙනස් කරන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXFFDtFSTLTTfAFFrre3IK6YBvh-el7hCMz9-pvQAU3rbLqM7Fn8VGJW3utfp7N-whhIamoHmEZTDrDWcF2dQ_Aj5p1uOs-J-Ey_HoYJw-nqEmoW0vL95dGma_-TR1M8ItnW7mqNPEjkMc/s1600/pinit-button.png
මේ කෝඩ් එක වෙනුවට වෙන ඕනෑම බටන් එකක වෙබ් ලිපිනය යොදන්න.
3) ෆොටෝ වලින් මෙම බටන් එක ඉවත් කිරීම.
මේ බටන් එක සාමාන්යෙන් බ්ලොග් එකේ පෝස්ට් වල තියෙන සියලුම ෆොටෝස් වලට වැඩ කරනවා. මොකක් හරි ෆොටෝ එකකට මේ බටන් එක ඕන නැත්නම් පහල තියෙන විදියට කෝඩ් එකක් යොදන්න.
class="nopin"
පහල ෆොටෝ එකේ තියෙන විදියට පෝස්ට් එක ලියනකොට HTML මෝඩ් එකට මාරු වෙලා ෆොටෝ එකේ HTML ටැග් එකට අර කෝඩ් එක දාන්න.
4) මම දීල තියෙන කෝඩ්ස් හැරෙන්න වෙන මොනවත් වෙනස් කරන්න එපා. එහෙම උනොත් මේක වැඩ කරන්න නෑ.
දැන් සේරම වැඩ ඉවරයි. වැඩේ හරියට උනාද කියල බලන්නත් එක්ක බ්ලොග් එක පොඩ්ඩක් බලන්න.
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මාව සම්බන්ධ කරගන්න.
මගේ සයිට් එක: Deposit Apps | BlogShout24
Post a Comment