මාස කිහිපයක් තිස්සේ පැතිරී යම්න් තිබුණු තොරතුරු හමාර කරමින් Samsung ආයතනය මේ වන විට තම මීලග දුරකථනය එනම් Galaxy S5 නිල වශයෙන් මීට දින කිහිපයකට පෙරදී නිවේදනය කරන ලදී. එය 5.1" ප්‍රමානයේ AMOLED screen එකකින් සමන්විතව පැමින තිබූ අතර එය 1920x1080 resolution මට්ටමේ බලැතිව ඇති බවට සදහන් වුවා. එසේම quad core Snapdragon 801 processor - 2.5 GHz- සමග 2GB රැම් බලයක් , 150Mbps LTE සබදතා හැකියාවක් , 16MP camera( fastest auto-focus) වැනි අංග වලින් සමන්විතව තිබෙනවා.
Samsung ආයතනයේ දියුනු කිරීමක් වන TouchWiz UI සමග වන Android 4.4.2 සමග එම ආයතනයේම KNOX security system සමග පැමින තිබීම භාවිතාකරන්නා වෙතට පහසුවක් වනු ඇති බවටයි සදහන් වූවේ.මෙම නිකුතුව සමග හදුන්වාදෙන Ultra Power Saving Mode සමග දුරකථනයේ බල භාවිතය අවම කරමින් අවශ්‍ය විටකදී display එක black & white ආකාරයට පැමින වීමේ හැකියාව හා අනවශ්‍ය features නතර කිරීම ඔස්සේ low battery මට්ටමේ දී පවා stand by ලෙසට 24 hours සිටීමෙ හැකියාව මෙම නිකුතුව සමග වන කැපී පෙනෙන ලක්ෂන වූවා. එසේම අඩි තුනක ජල මට්ටමක පැය තුනක් අනතුරු රහිතව තිබෙන්නට වන හැකියාව සමග වන water හා dust රෝධීබව භාවිතාකරන්නෙකුගේ සිත්ගන්නා සුලු කාරනා වනවා. මීට අමතරව දිගුකාලයක් බලාපොරොත්තුවෙන් සිටි fingerprint scanning හැකියාව මෙන්ම heart-rate monitor හැකියාව සමග මෙම දුරකථනය වර්ණ කිහිපයකින්ම එලබෙන අප්‍රේල් 11 සිට රවල් 150ක වෙළඳ පොලට නිකුත්වන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.
____________________________________ Official Video __________________________________
Post a Comment