0

Nokia සමාගම විසින් ඔවුන්ගේ පළමු Android smartphone ය ළඟදීම එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
Microsoft සමාගම විසින් Nokia සමාගම මිළයට ගැනීමත් සමගම Nokia Smartphones සඳහා Windows OS එක තමයි මෙ‍තෙක් කාලයක් භාවිතා කළේ. නමුත් මේ වන විට Nokia සමාගම විසින් Andriod මෙහෙයුම් පද්ධතිය සහිත Smartphones 3ක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා.
Android යනු open source මෙහෙයුම් පද්ධතියක් නිසාවෙන් ඔවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් සහිතව ඔවුන්ගේ අනන්‍යතාවයක් සහිතව නිර්මාණය කරන ලද එම මෙහෙයුම් පද්ධතිය Nokia X ලෙස හඳුන්වනවා.
තවත් විශේෂ කරුණක් නම් මේ මෙහෙයුම් පද්ධතිය සියළුම Android Apps ක්‍රියාකරන ලෙස සැලසුම් කර තිබෙනවා....























Nokia X , Nokia X+ හා Nokia XL ලෙස මේ smartphones 3 නම් කර ඇත. ඉතාමත් කුඩා වෙනස්කම් කිහිපයකින් පමණක් මෙම දුරකථන එකිනෙකින් වෙනස් වේ.
1GHz Snapdragon S4 dual-core  processor එකකින් ද , තිරයේ විභේදන අගය 800 x 300 ව‍ශයෙන්ද 4GB අභ්‍යන්තර මතක ධාරිතාවකින් ද Nokia X smartphone එක සමන්විත වේ. එමෙන්ම මෙහි 512MB Ram ,4 inch Display , 3MP Camera යන අංගෝපාංග රාශියකින් මෙම දුරකථනය සමන්විත වේ.
Nokia X+ smartphone යෙහි ඉහත සඳහන් විශේෂාංගම වන අතර වෙනසකට ඇත්තේ Ram ධාරිතාවය 768MB දක්වා වැඩි කර තිබීමයි.
Nokia XL smartphone යෙහි Display size අඟල් 5 ක් දක්වා වැඩි කර ඇති අතර 5MP Rear Camera හා 2MP Front - facing camera දක්වා වැඩි දියුණු කර ඇත.
කෙසේ වෙතත් මෙම smartphones සුපිරි ඝණයේ Nokia Lumia smartphones වෙත සම කළ නොහැකිය.




Post a Comment

 
Top