1

අදත් මම ඔයාලට අළුත්ම දෙයක් ගැන පොස්ට් එකක් අරගෙන ආවා.
වැඩිපුරම මේක වැදගත් වෙන්නෙ gamers ලට තමයි. ඔය කොච්චර සද්ද දැම්මත් සමහර අය game play කරන්නෙ onboard VGA වලින්නේ.තියන onboard VGA එකෙන් උනත් සමහර ගේම්ස් ප්ලේ කරන්න පුලුවන් කැඩි කැඩි වගේ තමයි. හොඳම උත්තරේ තමයි ඉතින් Nvidia හරි ATI හරි හොඳ Dedicated VGA එකක් සෙට් කරගන්න එක තමයි. ඒ වුණාට ඉතින් සුපිරි VGA එකක් ගන්න අපිට කොහෙන්ද සල්ලි. ඒක හින්දා තමයි මේ software එක අරගෙන ආවේ. ඔයාලට ගොඩක් වැදගත් වෙයි.. මේක පාවිච්චි කරන අයත් ඇති සමහර විට.VGA කාඩ් තියන අයට අයටත් මේක වැදගත් වෙයි. මේක නමින් Razor Game Booster

දැනට නම් game booster software ගොඩාක් release කරල තියනවා ඒ වුණාට මේක තමයි දැනට තියන හොඳම game boosting software එක. මේකෙන් Ram එක වගේම Processor එකක් තියනවට වඩා කාර්යක්ෂම කරල දෙනව.. මේකෙන් වෙන්නේ අනවශය ලෙස Ram එක සහ Processor එක භාවිතා වෙන ඇප්ලිකේශන් මදකට නවතා දමා එම ධාරිතාව ගේම් එක සඳහා සම්පුර්ණයෙන්ම යෙදවීමයි... මෙමගින් FPS අගය එහෙම නැත්නම්  තත්පරයට ඇති වන රූපරාමු ප්‍රමාණය 20 කින් විතර වැඩි කර ගන්න පුළුවන්..  සමහර Onboard VGA වල අළුතෙන් එන ගේම් low graphics දාලාවත් play කරන්න බෑනේ ඒ වුණාට මේ software එකෙන් game එක boost කරාම ඒ ගේම් එකට Medium Graphics දාලා වුණත් play කරන්න පුළුවන්. ඒ වගේම් ගේම් එකේ  files defrag කරගන්නත් මේ software  එකෙන් පුළුවන්.. මේ සොෆ්ට්වයා එකේදි run වෙන හැම application එකක්ම පෙන්නනව.. software එකෙන් දෙනව close කරන්න ඕන application ටික .. අපිට තව application ඕන නම් close කරන්න පුලුවන්.. තව පොඩි දෙයක් තියනවා වැරදිලාවත් මේකෙ පෙන්නන application වලින් explorer.exe වගේ system process එහෙම close කරන්න එහෙම එපා ඒ මොකද ඒ process එක end වුණොත් computer එක restart කරන්න වෙනවා. 



මේකෙ ගොඩාක් features තියනවා. මේකට අපිට ඕන තරම් games මේකට add කරන්න පුළුවන් තව දෙයක් තමයි ඒ ගේම් එකට අදාළ image එකක් add කරන්න වුණත් පුළුවන්. තව ලොකු feature එකක් මේ සොෆ්ට්වයා එකේ තියනවා. ඒ තමයි screen capturing කියන එක. ගොඩාක් අය use කරන්නෙ fraps කියන software එක. ඒ වුණාට ඒ software එක ටිකක් අසාර්ථකයි. මොකද කියනවනම් fraps software  එකෙන් ගන්න photo එකේ quality එක  වෙනස් කරන්න බෑ fraps registerකරන්නේ නැතුව.. ඒ වගේම PC එකේ Gamma low දාලා play කරනව නම් frap එකේ වදින්නේ ගොඩක් අදුරු photo  එකක්... මේකේ එහෙම අවුලක් නෑ. Game එකේ අපිට පේන විදියටම Screenshot එක වගේම් Video එකත් ලෑබෙනව.මේ software එක 100 % ක් free.

ඕනම game එකක් නෙවෙයි ඔයාගේ computer එකේ කැඩි කැඩි play වෙන games වලට තමයි මේ software එක හරියන්නේ. ඔන්න මම පහළින් තියන photo එකට link එක දාලා තියනවා. photo එක උඩ click කරල download කරගන්න. 40MB විතරයි තියෙන්නේ.

http://www.razerzone.com/gamebooster/download

මේ software එක install කරල ඉවර වුණාට පස්සේ software එකට log වෙනකොට account එකක් හදන්න කියයි..ඔයාගේ E-mail  එකයි කැමති password එකකුයි දෙන්න.. ඊට පස්සේ විනාඩි 5කින් විතර ඔයාගේ E-mail Account එකට mail එකක් ඇවිත් ඇති රේසර් සයිට් එකේ. ඒකෙ link එකක් දීලා ඇති ඒක click කරන්න. ඊට පස්සෙ තමයි ඔයාග් account එක confirm වෙන්නෙ. ඊට පස්සෙ ඉතින් ඇති වෙනකම් game play කරන්න තමයි තියෙන්නෙ.


එහෙනම් ඉතින් තව මේ වගේ පොස්ට් එකකින් ආපහු එන්නම්. ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නවා නම් ගොඩාක් වටිනවා.

෴ ජයවේවා ෴

Post a Comment

 
Top