මයික්‍රොසොෆ්ට් සමාගම ආසියාව, මැද පෙරදිග සහ අප්‍රිකාව තුළ තමන්ගේ වෙළඳපල කොටස වැඩි කරගැනීමට උපකාරී වනු පිණිස නවතම අන්තර්ජාල සම්බන්ධතාවය සහිත Nokia 215 ජංගම දුරකථනය පසුගිය 5 වැනිදා CES 2015 හිදී එළි දැක්විණි.
මෙම ජංගම දුරකථනය ඩොලර් 29 කට (රුපියල් 4000 පමණ) මිලකට ලබා ගත හැකිය. Opera Mini Browser සහ Facebook Messenger, Twitter හා වෙනත් ඇප්ස් රාශියක් ධාවනය කළ හැකිය. 320 X 240 පික්සල් තිරයක්, 0.3 මෙගාපික්සල් කැමරාවක් , ගුවන් විදුලි සහ විදුලි පන්දමකින්ද මෙය නිමවී ඇත.
මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ජංගම දුරකථන පාරිභෝගිකයින් හට උචිත වන අන්දමට නිමවා ඇත. ඒ සඳහා දවස් 29 ක් තරම් දිගු බැටරි ආයු කාලයක් ලබාදී ඇත.
මෙහි මෘදුකාංග ද වඩා දුෂ්කර ප්‍රදේශ සඳහා උචිත වන පිරිදි නිර්මාණය කර තිබේ එනම්, එම ඇප්ස් 3G සම්බන්ධතාවය නැතිව වැඩ කළ හැකිය.
මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ එය " පළමු වරට ජංගම දුරකථන මිලදී ගන්නන් සඳහා ගැලපෙන " දෙයක් වනු ඇති බවයි
මෙම ජංගම දුරකථනය එය සාමාන්‍ය ලෙස Single SIM මෙන්ම , Dual SIM ආකාරයෙන්ද ලබා ගත හැකිවනු ඇත.
2015 වසරේ පළමු කාර්තුව තුළ , මැද පෙරදිග, අප්‍රිකාවේ හා ආසියාවේ , යුරෝපයේ මෙම ජංගම දුරකථනය වෙළඳපොළට නිකුත් කරනු ඇත..
Post a Comment