මීලග Intel Processor මාදිලිය “Haswell”
Intel සමාගමේ මීලග පිම්ම, තාක්ෂණික ලොව මීලග වේග තරණය; Haswell නම් වන වග සතුටින් ඔබට අප විසින් ගෙන එන්නෙමු. intel සමාගමේ Oregon කණ්ඩායමේ වැඩිදියුණු කල මෙම processorයේ microarchitectureය නැනෝමීටර 22 ඝණයේ එකකි. මෙහි architecture එක ගැන දැවැන්ත සැලකිල්ලක් යොමු කර ඇති සමාගම මීලග intel 8 series chipset සමග hybrid ආකාරයෙන් වැඩ කල හැකි හෝ සම්පූර්ණ වශයෙන් පරිවර්ථනය කල හැකි ආකාරයට ක්‍රියාකළ හැකි බව සමාගම දන්වා සිටී.
Haswell ව්‍යාපෘතියේ මෙම processor මාදිලියේ L1 cache එක, එක core එකකට 64KB ධාරිතාවකිනුත්. L2 cache එක, එක core එකකට 256KB ධාරිතාවකිනුත්.L3 cache එක, එක core එකකට 2MB-8MB දක්වා ධාරිතාවයෙනුත් සමන්විතය. මෙම මාදිලියේ Socket ගැන සදහන් කලහොත් Desktop පරිගණක සදහා LGA1150, Laptop පරිගණක සදහා RPGA 947 හා 47W හා 57W ශක්ති මාදිලි දෙකකිනුත් BGA 1364 මාදිලිය වෙලදපලට නිකුත් වීමට නියමිතයි.
කාර්යක්ෂමතාව ගැන සදහනක් කලහොතින් vector processor මාදිලි වලට වඩා 8% වේගයකිනුත්, 6% single-threaded වේග කාර්යක්ෂමතාවකිනුත්, multi-threaded භාවිතයේදී 6%ක වේග කාර්යක්ෂමතාවයකිනුත්, Ivy Bridge වලට වඩා 8% අඩු විදුලි පරිබෝජනමුත්, 3% සමස්ථ වැඩි කාර්යක්ෂමතාවයකිනුත්, HD4000 හි කාර්යක්ෂමතාව 20% කිනුත් වැඩි කර තිබෙන බව සමාගම පවසයි.
වැඩි විස්තර මෙතනින් ගන්න
Subscribe to:
Post Comments (Atom)
Post a Comment