0


Hello ... ヅ කොහොමද ඉතින් කස්ටියට අද මම ටිකක් වෙනස් item එකක post එකක් ගෙනාවා. මෙච්චර කාලෙකට Hacking Side එක ගැන කිසිම post එකක් දැම්මෙ නෑනේ. ඔන්න එහෙනම් අද මම ඉතිහ‍ාසය වෙනස් කරනවා.. අද ඉඳන් Hacking Side එක ගැන ඔයාලට කියල දෙන්නම්....
 ' දිය යටින් ගින්දර ' මාතෘකාව දැක්කම ඔයාලට කියන්න පුළුවන් අද මම මොකක්ද කියල දෙන්න යන්නේ කියල‍. ඒ තමයි කිසිම window එකක් open වෙන්නෙ නැතුව කොහොමද programme එකක් run කරන්නෙ කියල.

ඔය කියෙව්වට වැඩි ගේමක් දෙන්න ඕන නෑ. මේක මේ පොඩි VB Script එකක්.

Set Player = createobject("Wmplayer.OCX.7")

Player.url = "your music here"

WScript.Sleep(1000 * 60 * 3)

Wscript.quit


ඔය උඩින් තියෙන්නෙ ඉතින් ලොකු ගේමක් දේන චූටිම script එක. මේක හරියට වැඩ කරන්න නම් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න වෙනවා. එ්කට පල්ලෙහා steps ටික හරියට කරන්න.

  •  මේකේ තියනවා නේද your music here කියල තැනක්, ඒකට ඔයාලගේ music file එක තියන path එක දෙන්න ඕන.
            උදා :-  C:\music.mp3
  • ඔයා මේ Script එක save කරන තැනම නම් music එක තියෙන්නේ වෙනම path එක දෙන්න ඕන නෑ.
           උදා :-  music.mp3
  • මේ script එකේ තියන මේ ‍code එකත් පොඩ්ඩක් බලන්නකෝ. WScript.Sleep(1000 * 60 * 3) මේකේ අන්තිමට 3 ඉලක්කම තියනවා නේද.? එ‍තනට ඔයාලට play කරන්න ඕන music එකේ Duration එකට වැඩි අගයක් දෙන්න.. (මේක විනාඩි වලින් තමයි දෙන්න ඕන) 
  •  අන්තිමට කරන්න තියෙන්නේ ඔයාලට ඕන නමකින් Script එක save කරගන්නකෝ. හැබැයි extension එක අනිවාර්යෙන් .vbs කියල තියෙන්නම ඕන.

දැන් ඉතින් save කරගත්ත VB Script එක Double Click කරල බලන්නකෝ කොහොමද වැඩේ කියල Play වෙනවා නේද Music එක. ( Music එක play වු‍නොත් අපේ page එකට like එකක් දාලා comment එකකුත් දාල‍ා යන්නකෝ.)  

මේකෙන් ඔයාලට වාසි ගොඩාක් තියනවා. මේකේ player එක open වෙන්නෙ නැති නිසා player එක open වෙන්න යන time එකත් අඩු වෙනවා. අනික තමයි ඉතින් යාළුවෝ ඉස්සරහ සුපිරි වැඩ්ඩෙක් වෙන්නත් පුළුවන් නේ ඉතින්.

 සැ.යු. - ඔයාට මේ player එක close කරන්න ඕන වුණොත් Taskmanager ගිහින් wscript.exe කියල process එකක් run වෙනවා පෙන්නනවා ඇති. ඒ process එක උඩ right click කරල End Process කරන්න. එතකොට වැඩේ හරි...

එහෙමනම් කට්ටියටම ජය වේවා...........!
  

Post a Comment

 
Top