0

කොහොමද ඉතින් අදත් අලුත් දෙයක් අරගෙන මම ආවා. අද කියල දෙන්න යන්නෙ මේ හැකින් ගැන. තව විදියකට කියනවනම් අපි විසින්ම  කොහොමද අපිව හැක් වෙන්නෙ කියල.

වයිරස් ගාඩ් කොච්චර තිබුණත් වයිරස් වල නම් අඩුවක් නෑ. සමහරු මන් හිතාගෙන ඉන්නෙ Premium Anti Virus එකක් දාගත්ත , Linux වගේ OS එකක් දාගත්තා කියල කොම්පියුටරේ Full Secured කියල. ඔයාල දන්නවද ඔයාල මේ පොස්ට් එක කියවන වෙලාවෙත් වයිරස් (Malware / Trojan ) බිලියන ගණනක් Computer වලට infect වෙනවා කියල.



වයිරස් ගාඩ් ගැන කතා කළොත් කොච්චර අලුත් වයිරස් ගාඩ් එකක් වුණත් වැඩක් නෑ. මොකද virus guard එක හොයාගන්නෙ දැනට තියන virus ගැන විතරයි. අනික තමයි මේ වයිරස් develop කරන්නෙත් සමහර virus guard company විසින්මයි. මේ තත්පරේදිත් hackers ලා Malware දහස් ගණනක් Develop කරනවා.
මේ release කරන වයිරස් අරමුණු අනුව එකිනෙකට වෙනස් වෙනවා.

ඔයාලා සමහරවිට දන්නවත් ඇති සමහරවිට නොදන්නවත් ඇති එක Software එකක් තියනවා TeamViewer කියලා. මේ Software එකෙන් පුළුවන් එක පරිගණකයක් තවත් පරිගණකයක් පාවිච්චි කරන කෙනාගේ අනුදැනුම තියෙද්දිම control කරන්න. ඒ කියන්නේ (Remote Administration ) කොහොමද ඉතින් අපේ අවසරෙත් එක්කම හැකර්ලා අපේ computer එක control කරනවා.
ඔබ නොදන්නා තවත් කරුණක් තියෙනවා , ඒ තමයි Cryptography (රහස් ලේඛන  කලාව) කියන සංකල්පය. මෙය  භාවිතයෙන්  Hacker වරු , දැනට වයිරස්  ගාර්ඩ් මගින් දන්නා වයිරස්ද FUD (Fully Undetectable - හදුනා ගැනීමට නොහැකි ) මට්ටමට පත් කරනවා,

මේ Cryptography  කියන technique එකට අනුව "Testing Virus Crypt Code" කියන වචනය crypt කරාම හැදෙන්නේ "51882d5155adc0438c0e6768f64cae4f"  වගේ අකුරු ගොඩක්. අපිට තියා සුපිරි වැඩ්ඩෙක්ටවත් මේ code එක තේරුම් ගන්න බෑ නේද.?

තව ක්‍රම ගොඩක් තියනවා. Binding , Keylogging වගේ ක්‍රම වලිනුත් අපිව හැක් වෙන්න පුළුවන්.
උදා : Virus + Adobe Photoshop CC

 Social Engineering කියන side එක තමයි hackers ලා වැඩියෙන්ම තමන්ගේ වයිරස් publish කරන්නේ.



Hackers ලා Hack කරන්න භාවිතා කරන ප්‍රධාන ක්‍රම 02 ක් තියනවා.
  •    Client Side Hacking
  •    Server Side Hacking

Client Side Hacking කියන එක ගැන මම දැනට කියල දෙන්නම්. Server Side Hacking ගැන වෙනම පොස්ට් එකකින් පස්සෙ දවසක කියල දෙන්නම්.


  • Torrent Sites / File Sharing Sites
කෙනෙක්ට අළුත් ෆිල්ම් එකක්, අළුත් සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් මොකක්හරි crack එකක් download කරගන්න ඕනි නම් ඉතින් කෙලින්ම යන්නේ Torrent Site ( The PirateBay , Kickass Torrents , Extra Torrents ) වගේ වෙබ් සයිට් එකකට නේ.
ඉතින් හැමෝම use කරන torrent කියන්නේ hackers ලගේ Favourite නවාතැන් පොළක්. මොකද සාමාන්‍යයෙන් software crack කරන්නෙත් ඉතින් hackers ලමනේ. ඉතින් මෙයාල කරන්නේ Game Cheat Box එකක් නැත්නම් අළුත් ෆිල්ම් එකකට වගේ bind කරල torrent සයිට් එකකට Upload කරනවා.ඔන්න ඕක තමයි computer එකකට virus infect වෙන ප්‍රධානම ක්‍රමය.



  • Social Networks  - Facebook / Twitter
 මේ වන විට තිබෙන ප්‍රසිද්ධම සමාජ ජාලා වෙබ් අඩවීන් තමයි Facebook හා Twitter කියල කියන්නේ. ඔයාලත් fb log වෙලා ඉන්නකොට chat එකේ විවිධ link එනවා දැකල තියනවා නේද.? මේ වගේ ලින්ක් එවන කෙනාවත් දන්නෙ නෑ මේ ලින්ක් එව්වා කියල. තවත් උපක්‍රමයක් තමයි අලුත් අලුත්  Emoticons වර්ග Install  කරගන්න. Barn Buddy game එකේ coin generator වගේ එක එක ලින්ක්ස් එවනවා. මේව නිසා අපි නොදැනුවත්වම අපේ Accounts hack වෙනවා.
 

තවත් දෙයක් සමහර අය ලින්ක් එවල තියනවා පෙන්නනවා. ඒ වුණාට වීඩියෝ එක play වෙන්න Flash Player එක ඕනෙ කියල ඩවුන්ලෝඩ් ඇප්ලිකේෂන් එකක් පෙන්නනවා.


 ඔයාලා පාවිච්චි කරන්නේ Chrome නම් මේ ඇප්ලිකේෂන් ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා. ඒ නිසා ආරක්ෂාව පැත්තෙන් නම් Firefox use කරන එක ඇඟට ගුණයි.

  • Chat Rooms

ලෝකේ පුරා ප්‍රචලිත දෙයක් තමයි Public Chat Rooms , IRC (Instant Relay Chat )චැනල්  වගේ ඒවා ,
හැකර් වරු භාවිතා කරනවා Worm Server Side Scripts මේ එයාලගේ Malicious Links Spread (අනතුරුදායක ලින්ක් පතුරවන්න ) මේ public chat room හරහා , චැට් එකේ ඉන්න ඕනෙම කෙනෙක්
මේ ලින්ක් එක click කරෝතින් ඉතින් ඉවරයි.






වැරදිලාවත් මේ වගේ වයිරස් එකක් ඔයාගේ කොම්පියුටරේ පදිංචි වුණෝතින් එහෙම ඔයාලගේ ඔක්කොම විස්තර ( Web Browser වල ගබඩා කරලා තියෙන Password , Username , Emails, Cookies ,
ඊළගට ඔබේ අඩවි වල FTP Loggings , ඔබ විසින් KeyBoard එකේ ඔබන හැම Key Stroke එකක්ම ) හැකර්ගේ e-mail ගිණුමට යනවා.


අද පෝස්ට් එක කට්ටියට ගොඩාක් වැදගත් පොස්ට් එකක් වෙන්න ඇති කියල මම හිතනවා. මේ වගේම තව පොස්ට් එකකින් ආයෙත් හමුවෙමු.


පොස්ට් එක ගැන ඔයාගේ අදහස් එහෙම Comment එකකින් අපිත් එක්ක share කරගන්නවා නම් ගොඩාක් වටිනවා.

ජයවේවා............!


Post a Comment

 
Top