0

තාක්ෂණයේ දියුණුවත් සමගම කිසිම නව තාක්ෂණයක් පුදුමයක් සහිතව නොපැමිණේ. එයට හේතුව කෙසේ හෝ නිල නිවේදනය නිකුත් වන්නට සතියකට පමණ පෙර එහි සියලුම විස්තර leak වීමයි.
කෙසේ වෙතත් මේ වන විට ඇති Apple සමාගම විසින් හඳුන්වා දුන් නවතම Smartphone ය Apple Iphone 5c වේ. එයට පෙර Apple Iphone 5s යන ස්මාර්ට් ෆෝනය එළි දැක්විණි. මේ වන විට පැමිණිමට නියමිතව තිබෙනුයේ Apple Iphone 6 ස්මාර්ට් ෆෝනයයි.

මාස 06 කට අධික කාලයක් ඇති නමුත් මේ වන විට Apple Iphone 6 හි තිබෙන විවිධාංග සියල්ලම පිළිබඳ හෙළිවී ඇත.
Apple Iphone 6 හිදී තරමක් විශාල  Display එකක් එනම් අඟල් 5ක් තරම් වූ  Display එකකින් යුතුවේ. එමෙන්ම 389ppi අගයකින් යුත් Ultra Retina Display එකකින්ද යුක්ත වේ.
Apple Iphone 6 ස්මාර්ට් ෆෝනය A8 processor එකකින් බල ගැන්වී ඇත. මෙය 2.6GHz වේගයකින්ද යුතු වේ. නමුත් Iphone 5s ස්මාර්ට් ෆෝනය ක්‍රියාත්මක වනුයේ 1.7GHz Dual Core A7 Chip එක මගිනි. ඒ අනුව බලන විට Iphone 5s ‍ට වඩා වැඩි වේගයක් Iphone 6 මගින් බලාපොරොත්තු විය හැකිය. Galaxy S5 බලගැන්වෙනුයේ quad-core Snapdragon 2.5GHz  processor එකකින් වන අතර Iphone 6 ද ඒතරම්ම වේගවත් වූ  processor කින් සමන්විතයි.


Apple සමාගම තම Smartphone නිකුත් කිරීමේදී දුරකථනයෙහි thikness  එක ගැන වැඩි අවධානයක් යොමු කර ඇත. Iphone 5s ස්මාර්ට් ෆෝනයෙහි  ඝනකම අඟල් 0.3 ක් වූ අතර එය Iphone 6 හීදී අඟල් 0.22 තරමට අඩු කර තිබේ.
මෙහි ඇති ඝනකම අඩු භාවයත් විශාල  Display එක නිසාවෙනුත් බො‍හෝ දෙනා අතර Apple Iphone 6 ස්මාර්ට් ෆෝනය ජනප්‍රිය වනු නිසැකය.



Post a Comment

 
Top