0

හලෝ ඉතින් කොහොමද ? ඔන්න ඉතින් අදත් මම අළුත්ම අළුත් feature එකක් ගැන පෝස්ට් එකක් අරගෙන ආවා. 

කලින් තිබුණාට වඩා වේගවත් හා විදුලිය අඩුවෙන් භාවිතා කරන Ram Card එකක් කොරියාවේ Samsung සමාගම විසින් නිපදවා තිබේ. මෙය DDR4 මාදිලියේ Ram Card ය. දැන් වැඩිපුරම භාවිතා කරන DDR3 වර්ගයේ Ram Card වෙනුවට මෙම අලුත් Ram Card යෙදූ Laptop Computers හා Mobile Devices ක්‍රියාත්මක වන වේගය දෙගුණයකින් පමණ වැඩිවෙනවා පමණක් නොව ඒවායේ Battery Life එකද දැන් Battery Life එකට වඩා 35% කින් පමණ වැඩි වේ.

පරිගණකයක් ක්‍රියත්මක වෙන්නට එහි processor යට අවශ්‍ය කෙරෙන Data හා උපදෙස් තාවකාලිකව රඳවා ගන්නා උපාංගය Ram Card එකය. Operating System ඇතුළු අනෙක් සියලුම වැඩසටහන් ක්‍රියාත්මක වන විට ඊට අදාළ දත්ත Hard Disk එකෙන් කියවාගෙන රැම් මතකයේ රඳවා ගනී. වැඩ කරන විට මුදාහරින්නේ මෙසේ Ram Card එකෙහි රඳවාගෙන ඇති තොරතුරුය. පරිගණකයෙන් අප ඉල්ලා සිටින තොරතුරු වේගයෙන් ලබා දීමට නම් Ram Card එකෙහි වේගය වැඩි විය යුතුය. Ram Card එකෙහි ධාරිතාවය අඩු වන විට පරිගණකයෙන් වැඩ කිරීමේදී අපහසුතා ඇතිවේ. මෙම ක්‍රියාවලිය මග හැර ගොස් පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක කරවන්නට බැරි නිසා Ram Card යනු පරිගණකයට අත්‍යවශ්‍ය දෘඪාංගයකි.
නූතන පරිගණක වලදී භාවිතා කෙරෙන්නේ  DDR - double data rate වර්ගයේ Ram Card ය. 2000න් පසුව ආ මෙම Ram Card DDR1 ය. 2004 වසරේදී DDR2 ත්, 2007 දී DDR3 ත් ආවේය. දැන් සැම්සුන්ග් සමාගමෙන් නිපදවා තිබෙන DDR4 වර්ගයේ Ram Card සාර්ථකව අත්හදා බලා ඇති බව මුලිනම ආරංචි වූයේ 2013 සැප්තැම්බර් මාසයේදීය. Ram Card නිපදවන ඇමරිකාවේ Crucial සමාගමත්, ADATA සමාගමත් DDR4 Ram Module නිපදවන බව දැනටමත් කියා තිබේ.


මෙසේ Ram Module නිපදවූවාට ඒවා පරිගණක උපාංග වලදී භාවිතා කිරීමට නම් ඊට ගැළපෙන සේ processor හා motherboard සැකසිය යුතුය. Lenovo සමාගම දැන් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වසර අග වන විටදී DDR 4 Ram Card යොදා ගත හැකි සේ grantly වර්ගයේ චිප් දියුණු කර , server පරිගණක නිපදවන බවයි. Intel සමාගමත් DDR4 Ram Module භාවිතා කළ හැකි සේ හැස්වෙල් ( Haswell ) processor දියුණු කරන බව දැනටමත් නිවේදනය කර තිබේ.



DDR4 Ram Card යොදාගත් විට graphic chip වල වේගයත් වැඩි කරන්නට පුළුවන. එවිට වීඩියෝ ක්‍රීඩා කිරීම පමණක් නොව උසස් මට්ටමේ graphic නිර්මාණ වුවත් පහසුවෙන් කරන්නට පුළුවන. Nvidia සමාගම කියා ‍තිබෙන්නේ DDR4 memory card යොදා ගෙන volta නමින් අළුත් graphic chip එකක් නිපදවන්නට දැනටමත් සැලසුම් කර ඇති බවයි. මෙම ග්‍රැෆික් කාඩ් වල වේගයත් දැන් තිබෙන ඒවාට වඩා දෙගුණයකින් වැඩිය.

 

එහෙමනම් ඔයාගේ අදහස් comment එකකින් ලියලා අපේ facebook page එකට like එකකුත් දාලා යන්නකෝ. 


෴  ජයවේවා ! ෴

Post a Comment

 
Top